ආක්ෂේගේ 'ඉන්ටර්ග්‍රෑම්ස්' රසිකයෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-08-ent-40

සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමට එක්වූ පසුහඹන්නන් ප්‍රමාණය මිලියන 20ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ වෙනුවෙන් රසිකයන්ට සිය ස්තුතිය පුද කරන්නට ආක්ෂේ අමතක නොකළ අතර, අගෝස්තු 15 වැනිදා ප්‍රදර්ශනය වන ‘ගෝල්ඩ්’ සිය අලුත්ම චිත්‍රපටය නරඹන්නට ඔහු විසින් ආරාධනා සිය රසික, රසිකාවියන්ටද කර තිබේ.

බොලිවුඩ් සිනමා තරු අතර, වැඩිම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ පසුහඹන්නන් ප්‍රමාණයක් ඇත්තේ සුපිරි නිළි දිපීකා පදුකෝන්ටය. ඉන් අනතුරුව ප්‍රියංකා චොප්රාට මෙන්ම ආලියා භාට්ද විශාල ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් එක්ව ඇත. සිනමා නළුවන් අතර වැඩිම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් සිටින්නේ ආක්ෂේ කුමාර්ට විම විශේෂත්වයකි.