ආක්ෂේගේ අලුත් චිත්‍රපටයටත් කෝටි 200ක්
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය වන Jolly LL.B 2 මේ වනවිට ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායමක් උපයා ගන්නට සමත්ව ඇත. තවමත් ලොවපුරා ප්‍රදර්ශනය වෙන මෙම චිත්‍රපටය ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වූ%රායිස්^ උපයාගත් මුදල ඉක්මවා යන ලකුණු පවතින බව සිනමා විචාරකයෝ පවසා සිටිති.
ෂාරුක්ගේ 'රායිස්' චිත්‍රපටය තිරගත වූ කාලයේදී උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 233ක මුදලකි. ෂාරුක්ගේ 'රායිස්' චිත්‍රපටය තිරගත වන කාලයේදී රිතික්ගේ 'කාබිල්' චිත්‍රපටයද තිරගත වූ අතර, ඒ නිසාම චිත්‍රපට දෙකටම සම ආදායම් තත්ත්වයක් උපයාගන්නට සිදුවිය. කෙසේ වෙතත්, Jolly LL.B 2 චිත්‍රපටය තිරගත වන කාලයේදී කිසිදු සුපිරි චිත්‍රපටයක් තිරගත නොවුණ අතර, එය මෙම චිත්‍රපටය සාර්ථකවීමට එක්තරා හේතුවක්ද විය.