ආක්ෂේ හා රඝවා අතර අමනාපයක්
‘කාංචනා’ චිත්‍රපට මාලාව තුළින් කොලිවුඩයේ පමණක් නොව ඉන්දියාව පුරාම අතිශය ජනප්‍රිය වූ රඟවා ලොරේන්ස් මේ වනවිට ‘කාංචනා’ චිත්‍රපටයක අනු නිර්මාණයක වන ‘ලක්ෂිම් බෝම්බ්’ චිත්‍රපටයෙන් ඉවත් වීමට තිරණය කර තිබෙන බව සඳහන් වේ. ඒ ඔහුට නොදන්වා එහි ප්‍රචාරක දැන්වීම පසුගියදා නිකුත් කිරීම හේතුවෙනි.
‘ලක්ෂිම් බෝම්බ්’ චිත්‍රපටය ලබන වසරේ ජුනි 05 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අතර, මෙහි ආක්ෂේ කුමාර් සමගින් කියාරා අද්වානි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි. මෙම චිත්‍රපටය රඟවා ලොරේන්ස් විසින් අධ්‍යක්ෂණය කරන්නට නියමිතව ඇති මෙම චිත්‍රපටය මේ වනවිට හටගෙන ඇති අර්බුධකාරි තත්ත්වය නිසාවෙන් මෙම චිත්‍රපටයේ ඉදිරි කටයුතු කෙසේ සිදුවේදැයි යන්න තවමත් නිශ්චිතව වර්තා නොවේ.