ආක්ෂේ, ෂාරුක්ව අභිභවා තුන්වැනි තැනට
ඉන්දීය රුපියල් කෝටි 100ට වඩා වැඩි ආදායමක් උපයාගත් චිත්රපට අතරින් තුන්වැනි තැනට පත්වන්නට ජනප්රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ට හැකිව තිබේ. ඒ මේ දිනවල තිරගත වෙන ‘කේසාරි’ චිත්රපටය ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යාමත් සමගය.
මේ අනුව ඔහු බොලිවුඩයේ ‘කිං ඛාන්’ හෙවත් ෂාරුක් ඛාන් පසුකර එම ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්ව ඇත. මුල් තැන සල්මාන්ට හිමිව තිබෙන අතර, දෙවැනි තැන අමිර් ඛාන්ට හිමිව තිබේ. සිවුවැනි තැන ෂාරුක්ට හිමිව තිබෙන අතර, පස්වැනි හා හයවැනි තැන අජේ දේවගන් හා රන්වීර් සිංට හිමිව ඇත.