ආක්ෂේ වාර්තාවක් තැබුවාද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-775

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් මේ වසරේ පෙනී සිටි සියලු චිත්‍රපට ඉන්දීය රුපියල් කෝටි සියයක ආදායමක් ඉක්මවා උපයා ගන්නට සමත්ව ඇත. සිනමා විචාරකයන් පවසන්නේ එය නළුවෙකු විසින් වසරකදී සාර්ථක චිත්‍රපට වැඩි ප්‍රමාණයකට දායක වූ නළුවා ආක්ෂේ කුමාර් බවය.

ආක්ෂේ කුමාර් මේ වසරේ රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටය වන්නේ ‘කේසාරි’ය. එය ඉන්දීය රුපියල් කෝටි 153ක් උපයා ගන්නට සමත් විය. ඉන් පසුව තිරගත වූ ‘මිශන් මංගල්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායමක් උපයාගත් අතර, ඔක්තෝබර් 25 වැනිදා තිරගත වූ ‘හවුස්ෆුල්’ සිවුවැන්න ඉන්දීය රුපියල් කෝටි 206ක ආදායමක් උපයාගෙන ඇත. තවමත් තිරගත වෙන ‘හවුස්ෆුල්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 90ක ආදායමක් උපයාගෙන තිබේ.