ආක්ෂේ පෙරළියකට සූදානම්
බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් බොලිවුඩ් සිනමාව තුළ පෙරළියක් සිදුකිරීමට සූදානම් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. ඒ ලබන වසරේ මාර්තු මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපටයක් හේතුවෙනි.
1897 වසරේදී ඇති වූ ‘සර්ගාර්හි’ නම් යුද්ධය මූලික කරගෙන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කෙරෙන අතර, ආක්ෂේ කුමාර් සමගින් මෙහි ප්‍රධාන රංගනයෙන් පරිනීතා චොප්රා රංගනයෙන් දායක වේ. ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වූ බොහෝ චිත්‍රපට ආන්දෝලනාත්මක චිත්‍රපට බවට පත්වූ බව බොහෝ දෙනා සඳහන් කරයි.