ආක්ෂේ දේශපාලනයට යොමු වෙයිද?
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් ඉදිරියේදී ඉන්දීය දේශපාලනයට යොමුවීම අදහසක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා. අගෝස්තු 11 වැනිදින ප්‍රදර්ශනය වන ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා‘ චිත්‍රපටයෙන් පසුව ඔහු සිය දේශපාලන කටයුතු ආරම්භ කරන්නට සූදානමින් සිටින බවද මේ සම්බන්ධව වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.
ආක්ෂේ පවසන්නේ, තමා සිනමාව තුළ සිටිද්දිම ජනතා සේවයට කැප වෙන බවයි. ඔහු දේශපාලඥයන් අදින ආකාරයේ ඇඳුම් පැලඳුම්වලින් මේ වනවිට පෙනී සිටින අතර, පසුගියදා ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා‘ චිත්‍රපටයේ ප්‍රචාරක පටය එළිදැක්වූ දිනයේදීද එවැනි ඇඳුමකින් පෙනී සිටි බව සඳහන්.