ආක්ෂේ දින වෙනස් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-15-ent-04

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන ‘පෑඩ්මෑන්’ හා ‘2.0’ චිත්‍රපට දෙකම එකම දිනයක තිරගත වන බවට පසුගිය කාලයේදි තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත්, ආක්සේ මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ කවුරුන් හෝ චිත්‍රපටය එකම දිනයක තිරගත වන බවට වැරදි තොරතුරක් ලබාදී ඇති බවය.

කිසිම දිනක තමා රංගනයෙන් දායක වන චිත්‍රපට දෙකක් එකම දිනයේදී තිරගත නොවූ අතර, ඉදිරියටද එය එසේ සිදුවන බව ආක්ෂේ මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් පවසා ඇත. තමා රංගනයෙන් දායක වන ‘2.0’ චිත්‍රපටය ජනවාරි 25 වැනිදා තිරගත වන අතර, ‘පෑඩ්මෑන්’ චිත්‍රපටය ඊට පෙර හා පසුව තිරගත කරන්නට තමා ඇතුළු ‘පෑඩ්මෑන්’ චිත්‍රපට කණ්ඩායම බලාපොරොත්තු වන බවය.

කෙසේ වෙතත්, සම්මුඛ සාකච්ඡාව අවසානයේදී ආක්ෂේ යම් ඉඟියක් ලබාදෙමින් පවසා තිබුණේ ‘2.0’ චිත්‍රපටය සුපිරි දමිළ සිනමා නළු රාජිණිකාන්ත්ගේ බවත් , තමා එහි උපප්‍රධාන චරිතයක් නිකුත් කරන බවත්ය.

 

2017-11-15-ent-05