ආක්ෂේ තවත් දමිළ කොපියක
‘ඛාන්‘ නළුවන් හැරුණු කොට බොලිවුඩයේ වඩාත් සාර්ථකම නළුවා බවට වර්තමානයේ පත්ව ඇති ආක්ෂේ කුමාර් මේ දිනවල දමිළ චිත්රපටයක අනු නිර්මාණයකට සම්බන්ධව සිටින බව සඳහන් වෙනවා. 2014 වසරේ ශිවා අධ්යක්ෂණය කළ ‘වීරම්‘ චිත්රපටයේ අනු නිර්මාණයක් සඳහා මෙලෙස ආක්ෂේ සම්බන්ධව සිටියි. ‘වීරම්‘ දමිළ චිත්රපටයේ අජිත් කුමාර් රංගනයෙන් දායක වූ අතර, තමන්නා භාටියා එහි ප්රධාන නිළි චරිතයට එක්ව සිටියා.
කෙසේ වෙතත්, ආක්ෂේ දැනට දායකව සිටින ‘2.0‘, ‘පැඩ් මෑන්‘, ‘ගෝල්ඩ්‘ චිත්රපටවල රූපගත කිරීම් කටයුතු අවසන්වූ පසුව මෙම ‘වීරම්‘ අනු නිර්මාණය සඳහා සම්බන්ධ වන බව සඳහන් වෙනවා. ආක්ෂේ මීට පෙර රංගනයෙන් දායක වූ ‘රවුඩි රාතෝර්‘, ‘හොලිඩේ‘ හා ‘ඕ මයි ගෝඩ්‘ චිත්රපටද දමිළ අනු නිර්මාණ වෙනවා.