ආක්ෂේ 'ටොයිලට්' දෙවැන්නට සූදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-04-ent-01

චීනයේ මේ වනවිට අති සාර්ථකව තිරගත වෙන නිරේජ් පාණ්ඩේගේ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සූදානම් වන බව පැවසේ.

ආදායම් උපයා ගැනීම අතින් ඉහළ සාර්ථකත්වයක් ලැබීමටත් වඩා ඉන්දීය කාන්තාවන් කාලයකට සිට වැසිකිලයක් නොමැතිව අත්විඳින අතුරු ප්‍රතිපලයට පිළියමක් ලැබීම නිසා මෙම චිත්‍රපටයට තමාට රංගනයෙන් එක්වීමට ලැබීම වාසනාවක් බව ආක්ෂේ මැතකීද එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී පවසා ඇත. වර්තමාන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇගයීමට ලක්වූ නිසාම මෙම චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට තමා තිරණය කළ බව ආක්ෂේ පවසා ඇත. බොහෝ විට ‘ටොලිට් ඒක් ප්‍රේම් කතා’ දෙවැනි චිත්‍රපටය තමාගේ හෝ තම බිරිඳ ටිවින්කල් ඛන්නාගේ නිෂ්පාදනයක් වනු ඇති බවය.