ආක්ෂේ කුමාර් ගෙදර ගිහිල්ලා
‘කොවිඩ්’ ආසාධිතයෙකු බවට පත්ව සිටි සුපිරි බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් මේ වනවිට එම රෝගයෙන් පූර්ණ ලෙස සුව වී පසුගිය සති අන්තයේදී සිය මුම්බායි හි නිවසට පැමිණි බව වාර්තා වෙයි. ඒ බව ආක්ෂේගේ බිරිඳ හිටපු ඉන්දීය සිනමා නිළි ටිවින්කල් ඛන්නා මේ බව ඇයගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කර තිබුණි.
ඇය පවසන්නේ ආක්ෂේ රෝගාතුර වී රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දි තමන්ට ඔහු නැති අඩුව ඉතා තදින්ම දැනුණ බවය. එමෙන්ම ‘කොවිඩ්’ රෝගයෙන් සුවය ලබා නැවතත් නිවසට පැමිණි ආක්ෂේ ‘ආරක්ෂිතව හා හොඳ සෞඛ්‍ය සම්පන්නව නිවසට පැමිණිම ඉතා සතුටුදායක බවද’ ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.