ආක්ෂේ කුමාර්ගේඩෝනට් 1000ක්
බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර් විසින් මුම්බායි නගරයේ ආරක්ෂක සේවයේ නිරතව සිටින පොලිස් භටයින් 1000කට සිය පෞද්ගලික මුදලින් ඩෝනට් 1000ක් ලබා දී ඇතැයි වාර්තා වේ. මුම්බායි නගරය ආරක්ෂා කිරීමට සිය දිවි හිමියෙන් කැපව සිටින ආරක්ෂක නිලධාරින්ට මෙසේ සුළු ආහාර වේලක් පරිත්‍යාග කරන්නට ලැබීම තමාට දැඩි සතුටක් ගෙන දෙන්නක් වූ බවය.
මේ වනවිට චිත්‍රපට කාර්මාන්තයෙන් තාවකාලිව ඉවත්ව සිටින ආක්ෂේ සිය පවුලේ සාමාජිකයන් සමග සිය මුම්බායි නිවසේ රැඳි සිටින බව සඳහන් වේ. ‘සූර්යවංශි’ ආක්ෂේගේ අලුත්ම චිත්‍රපටය වන අතර, එය පසුගිය මාර්තු 24 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණි.