ආක්ෂේ කුමාර් ගේ ඉවුම්පිහුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-21-ent-58

ආක්ෂේ කුමාර් රගපෑමට පමණක් නොව ඉවුම්පිහුම්වලට ද දක්ෂ බැව් කියන්නේ ඔහුගේ බිරිද ට්වින්කල් ඛන්නාය. මේ මෑතකදී ඇය ආක්ෂේ සහ පුතු අරාව් ඔවුන්ගේ නිවසේ රාති‍්‍ර භෝජනය ස`දහා පැමිණෙන අමුත්තන් පිරිසක් වෙනුවෙන් ඉවුම්පිහුම් කරන ආකාරය ඇතුළත් ඡුායාරූපයක් සමාජ වෙබ් අඬවියකට නිකුත් කර තිබිණි.

‘‘මම මගේ කොල්ලන්ව හො`දට පුහුණු කරලා තියෙන්නෙ..’’

ඇය ඡුායාරූපයට පහළින් ලියා තිබුණේ එලෙසය.

ආක්ෂේ බොලිවුඩයට පිවිසෙන්නට පෙර තායිලන්තයේ හෝටලයක කෝකියෙකු ලෙස සේවය කළේය. එම නිසා ඔහුට ආහාර පිසීමට ට්වින්කල් ඉගැන්විය යුතු නැත. මනා විනයක් ඇති නළුවෙකු ලෙස ප‍්‍රසිද්ධ ආක්ෂේ සිය සෞඛ්‍ය තත්වය පිළීබ`දව ද බෙහෙවින් සැළකිලිමත් වෙයි. ඔහු ගන්නේ ඊට උචිත ආහාරය. දරුවන් ද එලෙස හුරුපුරුදු කරන්නට ආක්ෂ් සහ ට්වින්කල් වෑයම් කරති.

මේ දිනවල ටොයිලට් ඒක් පේ‍්‍රම් කතා චිත‍්‍රපටිය නිසා කතාබහට ලක්ව සිටින ආක්ෂේ කි‍්‍රයාදාම චිත‍්‍රපටිවලට බොහෝ පි‍්‍රය කරන්නේය. එම නිසාම ඉන්දියානු ජැකී චෑන් ලෙසින් ඔහු හැ`දින්වෙයි. ටයිකෝන්ඩෝ කළුපටිධාරියෙකු මෙන්ම තවත් ආත්මාරක්ෂක සටන් ක‍්‍රම පුරුදු පුහුණු වූ අයෙකු වෙතත් ඔහු බොහෝ සරල හා සාමකාමී දිවි පෙවෙතකට හුරු වු අයෙකි. එමෙන්ම සාර්ථක පවුල් ජීවිත ගෙවන බොලිවුඞ් නළුවන් අතර පෙරමුණේ සිටින්නෙකි.