ආක්ෂේ කතා කරනතුරු බලා සිටින සොනක්ෂි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-476

‘ඩබාන්ග්’ තුන්වැනි චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් සාර්ථකත්වයක් ලැබු නිසාම මේ වනවිට එහි ප්‍රධාන නිළි චරිතයට පණ දුන් සොනක්ෂි සින්හාටද බොලිවුඩයේ යම් අවධානයක් යොමුව තිබේ. චිත්‍රපටයේ ලද සාර්ථකත්වය ගැන කතා කරන්නට එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී සොනක්ෂි පවසා තිබුණේ තමන් ආක්ෂේ කුමාර් රංගනයෙන් දායක වන චිත්‍රපටයක් සඳහා ආරාධනයක් ලැබෙන තුරු බලා සිටින බවය.

ඇය මීට පෙර ‘රාවුඩ් රාතෝර්’, ‘ජෝකර්’ හා ‘හොලිඩේ’ චිත්‍රපටවලදී ආක්ෂේ කුමාර් සමග පෙම්වතුන් ලෙස රංගනයෙන් එක්ව තිබුණි. ඇය අවසන් වරට ආක්ෂේ කුමාර් සමග චිත්‍රපටයකට සම්බන්ධ වී තිබුණේ මීට වසර 5කට පෙරදීය. ඒ 2014 වසරේ තිරගත වූ ‘හොලිඩේ& චිත්‍රපටය සඳහාය. කෙසේ වෙතත්, සොනක්ෂි හා ආක්ෂේ මේ වසරේ තිරගත වූ ‘මිශන් මංගල්’ චිත්‍රපටයේද පෙනී සිටි නමුදු එවකට ඔවුන් පෙම්වතුන් ලෙස පෙනී නොසිටියහ.