ආක්ෂේ ඉන්දීය ජාතික සම්මානය
පසුගියදා පැවති 64 වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උලෙළේදී වසරේ හොඳම නළුවා ලෙස සම්මාන දිනාගැනීමට බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් සමත්විය. ඒ ඔහු පසුගිය වසරේ රඟපෑ ‘රස්තම්’ චිත්රපටයේ කළ චරිතය උදෙසාය.
ආක්ෂේ හොඳම නළුවා වෙද්දී වසරේ හොඳම නිළිය ලෙස ඉන්දීය ජාතික සම්මානය දිනාගැනීමට දකුණු ඉන්දීය සිනමා නිළි සුරාබි ලක්ෂිම සමත් වූවාය. ඒ ඇය රඟපෑ ‘මින්නාමුරුගු’ චිත්රපටයේ කළ රංගනය උදෙසාය.
හොඳම චිත්රපටය වූයේ සෝනම් කපූර් රඟපෑ ‘නිර්ජා’ චිත්රපටයයි. සෝනම්ද වසරේ හොඳම නිළිය ලෙස නිර්දේශයට පාත්ර වූවාය. අජේ දේව්ගන් රඟපෑ ‘ශීවායි’, අමිතාබ් බච්චන් රඟපෑ ‘පින්ක්’ හා අමීර් ඛාන් රඟපෑ ‘දංගල්’ චිත්රපටද මෙහිදී ඉන්දීය ජාතික සම්මාන කිහිපයකින් පිදුම් ලැබීය.