ආක්ෂේ ඇගයීමට ලක්නොවීම ගැන ටිවින්කල් කණගාටුවෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-21-ent-41

රටට ආදර්ශයක් ගෙන දුන් ‘පෑඩ් මෑන්’ හා ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටහි ආක්ෂේ කුමාර් කළ රංගනය ඇගයිමට ලක් නොවීම පිළිබඳව තමා තුළ දැඩි කණගාටුවක් ඇති බව ආක්ෂේ කුමාර්ගේ බිරිඳ හිටපු බොලිවුඩ් සිනමා නිළි ටිවින්කල් ඛන්නා මෑතකදී එක්වූ ආරාධිත සිනමා උළෙලකදී සභාව අමතමින් පවසා තිබේ.

මුදල් උපයා ගැනීම අතින්ද අති සාර්ථක වූ ‘පෑඩ් මෑන්’ හා ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපට හොඳහ චිත්‍රපට ලෙසද සම්මාන දිනා ඇති මුත් පැවති ඉන්දීය සම්මා උළෙලයන්වලදී ආක්ෂේ නිර්දේශයන්වලට පමණක් සීමා වි තිබුණි. ආක්ෂේ හොඳම නළුවාට පවා සුදුස්සෙක බව පවසන ටිවින්කල් ඉදිරියේදී පැවැත්වෙන සිනමා සම්මානවලදී මෙයට සාධාරණයක් ඉටු කරනු ඇතැයි තමා බලාපොරොත්තුවෙන පසුවෙන බවය.