ආක්ෂයේ ඛන්නා ශී‍්‍ර දේවිට කැමතියි
අවස්ථාවක් ලැබෙන්නේ නම් තමා නැවතත් ශ‍්‍රී දේවී සම`ග ර`ග පාන්නට කැමති යයි ආක්ෂයේ ඛන්නා පවසයි. මාම් චිත‍්‍රපටියේ ඔවුන් දෙදෙනා ප‍්‍රධාන චරිත නිරූපණය කරද්දී ලැබූ අත්දැකීම් එසේ සිතන්නට ඔහු පොළඹවා තිබේ.
‘‘ශ‍්‍රී දේවි මොන තරම් ප‍්‍රවීන නිළියක් වුණත් කිසිම අහංකාරකමක් නෑ.. ඇය හැසිරෙන්නෙ නවක නිළියක් වගේ.. ඒ හින්දම ඇය එක්ක ර`ග පානකොට කිසිම පීඩනයක් දැනෙන්නෙ නෑ..’’ ඔහු කියයි.
මාම් චිත‍්‍රපටිය නිෂ්පාදනය කරන ලද්දේ ශ‍්‍රි දේවි ගේ සැමියා බොනී කපූර් විසිනි. රසිකයන් මෙන්ම විචාරකයන් ද එයට දක්වන්නේ සුබවාදී ප‍්‍රතිචාරයකි. ‘‘ඒක බොක්ස් ඔෆිස් වාර්තා තියෙන චිත‍්‍රපටියක් ද නැද්ද කියන්න මම දන්නෙ නෑ.. ඒත් ඒක පේ‍්‍රක්ෂකයන් ගේ හිත්වල පෙරළියක් ඇති කරනවා කියලා නම් මට සහතිකයි.. දරුවෝ වෙනුවෙන් අම්මා කෙනෙකුට කරන්න බැරි දෙයක් නෑ කියලා මේ චිත‍්‍රපටියෙන් කියවෙනවා..’’ ආක්ෂයේ පවසයි.