අෆ්ටාබ් ශීවදාසන්ටත් ‘කොවිඩ්’
මේ වනවිට රූපවාහිනි කතා මාලා සඳහා රංගනයෙන් දායකව සිටින ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අෆ්ටාබ් ශීවදාසන්ටද ‘කොවිඩ් 19’ රෝගය වැළඳී ඇතැයි වාර්තා වෙයි. ඔහු මීට සති කිහිපයකට පෙර බිරිඳ හා අලුත උපන් සිය දියණිය බැලීමට එංගලන්තයේ ලන්ඩන් නගරයට යාමට ගුවන් තොටුපොළට ගිය අතර, එහිදි වෛද්‍යවරුන් කළ පරීක්ෂණයකදී අෆ්ටාබ්ට ‘කොවිඩ් 19’ රෝගය වැළඳී තිබෙන බවට තහවුරු වී ඇත.
සති කිහිපයක් නිවසේ ‘ස්වයං නිරෝධායනය’ වෙමින් සිටි අතර, අවසන් ලේ පරික්ෂාව පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ඔහු විසින් සිදු කර ඇත. එහිදි සනාථ වූයේ අෆ්ටාබ් මේ වනවිට ‘කොවිඩ් 19’ රෝගයෙන් සුව අතට හැරි තිබෙන බවය.