අසාර්ථකත්වය ජීවිතේ කොටසක් - වානි කියයි
‘‘පරාජය කියන්නේ ජීවිතේදී හැමෝටම මූණ පාන්න සිද්ද වෙන දෙයක්.. ඒක ජීවිතේ කොටසක්..’’ වානී කපූර් කියයි.
ඇය මෙලෙස කියන්නේ ඇය අවසානයට ර`ග පෑ ‘බෙෆික්රේ’ චිත්‍රපටිය ගැන පවසමිනි. එම චිත්‍රපටිය අසාර්ථක චිත්‍රපටි ගොඩට එකතු වුවත් ඇය ඒ සම්බන්ධයෙන් පසු තැවන්නේ නැත. ඇය කියන්නේ සාර්ථකත්වය සේම අසාර්ථකත්වය ද ජීවිතේ කොටසක් බවයි.
28 හැවිරිදි වානි කපූර් ජනපි‍්‍රය වූයේ ‘සුදා ඬේසි රොමෑන්ස්’ චිත්‍රපටිය තුළිනි.
‘‘අපි හිතන විදියටම දේවල් සිද්ද නොවෙනකොට අපිට දැනෙන්නේ නරක හැ`ගීමක්. ඒත් අසාර්ථක වෙන්නේ නැතුව අපිට සාර්ථක වෙන්න බෑ..
සාර්ථකත්වය හා අසාර්ථකත්වය කියන්නේ අතින් අතට ගමන් කරන දෙයක්.. මම ඒ දේ හො`දින්ම තේරුම් අරගෙන ඉන්නේ...’’ ඇය කියයි.