අසාර්ථක සොනක්ෂිගේ මිළඟ චිත්‍රපටය
2015 වසරේ සිට මේ දක්වා තිරගත වූ සොනක්ෂිගේ චිත්‍රපට සියල්ලම අසාර්ථක වී ඇත. අවසන් වරට සොනක්ෂි මේ වසරේ රංගනයෙන් දායක වූ ‘වෙල්කම් ටූ නිව්යෝර්ක්’ චිත්‍රපටයද අතිශය අසාර්ථක වූ අතර, එය සිය වියදම් වූ මුදල පවා සොයා ගැනීමට නොහැකි විය.
සොනක්ෂි රඟන අලුත්ම චිත්‍රපටයක ප්‍රචාරක කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර, ඒ එළැඹෙන අගෝස්තු 24 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මුඩාසර් අසිස්ගේ ‘හැෆි ෆිර් බාග් ජායේගී’ චිත්‍රපටයයි. මෙය 2016 වසරේ තිරගත වූ ‘හැෆි බාග් ජායේගී’ චිත්‍රපටයේ දෙවැනි කොටසද වේ. සොනක්ෂිට අමතරව පළමු චිත්‍රපටයේ රඟපෑ ඩයනා පේන්ට්, අලී ෆසල්, ජීමි සිර්ගීල්ද මෙහි ප්‍රධාන චරිත සඳහා එක්ව සිටියි.