අසාර්ථක කාලයක් පසු කරමින් සිටින ක්රිස්ටීන්
‘ටුව්ලයිට්’ චිත්රපට හරහා අතිශය ජනප්රිය වූ සුපිරි හොලිවුඩ් සිනමා නිළි ක්රිස්ටීනා ස්ටුවර්ට් අවසන් වරට රංගනයෙන් දායක වූ හොලිවුඩ් චිත්රපට හයක් එක දිගට සිය නිෂ්පාදිත පවා උපයා ගැනීමට නොහැකිව අසාර්ථක වී ඇත. එයට පසුගිය වසරේ ප්රදර්ශනය වූ ‘චාර්ලිස් එන්ජර්ස්’ චිත්රපටයද ඇතුලත්ව තිබීම විශේෂත්වයකි.
කාලයක් ලොව වැඩිම ආදායමක් උපයාගන්නට සමත් වූ නිළියක් බවටද පත්ව සිටි ක්රිස්ටීනා, රොබට් පැටින්සන් සමග තිබු ආදර සම්බන්ධය බිඳ වැටීමත් සමග ඇය කෙරෙහි ප්රේක්ෂක උනන්ඳුව අඩුවු අතර, සිනමා විචාරකයන් පවසන්නේ එය ඇයගේ මෙම අසාර්ථකත්වයට හේතුවක් වු බවය.