අසාමාන්‍ය තරුව
තරු දරුවෙකු වීම, රජ කුමරෙකු වීම මෙන්ම ආකර්ෂණීය පෙනුමකට හිමිකම් කීමත් භාග්‍යයකි. දරුවෙකුට මේ සියල්ල එකට හිමි වූ කල එය අන් අයගේ ඊර්ෂ්‍යාවට පවා ලක් වෙන සුවිශෙෂී තත්වයක් බැව් සියල්ලෝම දනිති. සායිෆ් අලි ඛාන් එබදු දරුවෙකි. ෂර්මිලා තාගෝර් නම් වූ ජනපි‍්‍රය නිළියගේත්, මන්සූර් අලි ඛාන් නම් වූ පතාඋඩිවරයාගේත් දරුවා වූ ඔහු මනා කඩවසමකින් යුතු වූවා පමණක් නොව සුඛෝපභෝගී ජීවිතයක් ද ගත කළේය. එම නිසාම නොයෙකුත් අකරතැබ්බවලට මුහුණ දෙන්නටත් ඔහුට සිදු විණි. එවන් එක් අකරතැබ්බයක් ගැන ඔහු පුවත්පත් සාකච්ඡුාවකදී ස`දහන් කළේය.
‘‘මම එංගලන්තෙ වින්චෙස්ටර්වල නේවාසික ඉස්කෝලෙකට ගිය පළවෙනිම දවසෙ මේක වුණේ.. එතකොට මගේ වයස අවුරුදු 11යි.. උස මහත, හො`ද පෙනුමක් තියෙන ඒත් සැරපරුෂ ඉතාලි පිරිමි ළමයෙක් අපේ නේවාසිකාගාරේ හිටියා.. ඒ ළමයා මට කිව්වා මම ලස්සන පිරිමි ළමයෙක් හින්දා එයා මට හරි කැමතියි.. එයාගෙ ඇෙ`ද්ම මාත් නිදියන්න ඕන කියලා.. ඒකේ මොකක් හරි යටි අරුතක් තියෙනවා කියලා මට හිතුණෙ නෑ.. ඒත් මට ඇ`ඩු`ණා.. මම හො`දටම අ`ඩද්දී ඒ ළමයා හිනා වෙලා කිව්වා ඒක විහිළුවක් කියලා.. ඇත්තටම බෝඩිම් ජීවිතේදී තවත් ඒ වගේ අමතක නොවෙන සිදු වීම් හු`ගකට මූණ දිලා තියෙනවා..’’ සයිෆ් පැවසුවේය.
දැන් සිහිපත් කරද්දී ඒ හැම සිදු වීමක්ම සුන්දර ඒවා බැව් ඔහු කියන්නේය. එම නිසාම නිසි වයසට ආ කල පුතු තායිමූර් ද විදේශීය නේවාසික කර උගන්වන්නට කරීනාත් ඔහුත් තීරණය කර තිබේ.