අසනීප වූ පොප් ගායක ජස්ටින් බීබර්
තමා රෝගී තත්ත්වයක පසුවන බව කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් පවසයි.ඉන්ස්ටග්‍රෑම් සටහනක් එක්කරමින් ඔහු පවසා ඇත්තේ තමා ලයිම් රෝගයෙන් පෙළෙන බවයි. තමා දරුණු වෛරස් ආසාදනයකින් ද පෙළෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා ඇත. තමාට මත්ද්‍රව්‍ය ගැටළුවක් ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල අනුමාන කර තිබීම පිළිබඳව තමා දැන සිටින ඔහු පවසා සිටියේය.සිය රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර සිදුකරන බවත් මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී සිය ජීවිතය පිළිබඳව නිර්මාණය වන යූටියුබ් වීඩියෝ එකතුවෙන් දැනගත හැකි බවත් බීබර් පවසයි.