අශ්වයෝ පදින්න පුරුදු වෙන 'ක්‍රිති'
ජනප්‍රිය වූ බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ක්‍රිති ෂැනොන් මේ දිනවල අශ්වයන් පදින්නට පුරුදු වෙමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඒ අශ්තෝෂ් ගවස්කාර් අධ්‍යක්ෂණය කරන ‘පනිපාට්’ නම් චිත්‍රපටයේ රඟපෑම සඳහාය. එහි ඇය යුධ සේනාධිපලතිගේ බිරිඳක් ලෙස රංගනයෙන් දායක වන අතර, අර්ජූන් කපූර් හා සංජේ දත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන බව සඳහන් වේ.
‘පනිපාට්’ යනු 1761 වසරේදී ඉන්දියාවේ සිදුවු සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණයක් වන්නකි. ක්‍රිති අශ්වයන් පදින්නට මෙන්ම මරාති භාෂාවද මේ දිනවල ප්‍රගුණ කරමින් සිටින බව සඳහන් වේ. ඒ චිත්‍රපටයේ තමා නිරූපණය කරන චරිතයට අනුගත වීඹ සඳහා බව ක්‍රිති ෂැනොන් පවසා ඇත.