අවුරුදු 26ට ප්ලාස්ටික් සැත්කම් 05ක්
විශාල වශයෙන් ප්ලාස්ටික් සැත්කම් සඳහා භාජනය වූ කාන්තාවන් අතර, ෆාරා අබ්රහම් සුප්‍රසිද්ධය. ‘‘ටීන් මම්’ නම් රියැලිටි වැඩසටහන් මාලාවෙන් ක්ෂේත්රයට පැමිණි ෆාරාගේ වයස මේ වනවිට අවුරුදු 26කි.
ඇයමුලින්ම ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ඇත්තේ ඇගේ ළැම පෙදෙසටය. නිරුපණ කලාව තුළ එවැන්නක් සඳහා හොඳ ඉල්ලුමක් පවතින හෙයින් තමන් මෙම සැත්කම සඳහා යොමු වූ බව ඇගේ මතයයි. එයින් පසු පිරුණු ළය මඬලක් හිමි කරගත් ෆාරා තවත් සැත්කමක් මගින් නාසයේ හැඩය වෙනස්කරගත්තාය. ඇය ඉන් පසුව කම්මුල්වලටත්, තම සිරුරේ තවත් බොහෝ අවයවවලටත් ප්ලාස්ටික් සැත්කම් කරගත්තාය.ෆාරා නැවතත් තම ළය පෙදෙසට සැත්කමක් කිරීමට සූදානම් වන බව මෑතකදී විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.