අවුරුදු 08කට පසුව රංග අඹුසැමි යුවල
බොලිවුඩ් සිනමාවේ අඹු සැමි යුවල වන අයිෂ්වර්යා රායි බච්චන් සහ අභිෂේක් බච්චන් එකම චිත්‍රපටයක රංගනයට සූදානම් බව ඉන්දියානු මාධ්‍ය අනාවරණ කරයි. මොවුන් දෙපල එක චිත්‍රපටයක රංගනයෙන් යෙදෙන්නේ අවුරුදු 08ක පසුව බවයි සඳහන් වන්නේ. ‘ගුල්බ් ජමුන්’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ තමන් සමග තමන්ගේ ස්වාමියා වන අභිෂේක් දායක වන අයිශ්වචර්යා විසින් පවසා තිබේ. අයිශ්වර්යා සහ අභිෂේක් අවසන් වරට රංගනයෙන් දායක වූයේ 2010 තිරගත වූ ‘රාවාන්’ චිත්‍රපටය සඳහාය.