අවුරුදු 04ක් නඩු කියන ටේලර් ස්විෆ්ට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-25-ent-134

පොප් ගී තරුවක් වන ටේලර් ස්විෆ්ට් පසුගිය සතියේ ඇමෙරිකාවේ අධිකරණයක සිටින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පැවතුනා. එයට හේතුව වන්නේ ඇය නඩු විභාගයක් සඳහා එම අධිකරණයට යාමයි. ඩීජේ ශිල්පියෙකුට එරෙහිව ඇය නඩුවක් පවරා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇය මෙම ශිල්පියාට එරෙහිව නඩුපවරමින් චෝදනා කර සිටින්නේ ඩේවිඩ් මුලර් නම් වූ සුප්‍රසිද්ධ ඩීජේ ශිල්පියාටයි. ඔහු එක්තරා ප්‍රසංගයකදී ටේලර්ගේ උකුල පෙදෙස ස්පර්ශ කරමින් ඇයව අපහසුතාවට පත්කර තිබෙන බවයි ඇය චෝදනා කර තිබෙන්නේ. මෙය සිදුවී ඇත්තේ වේදිකාවෙන් පිටුපසදී බවයි ඇය සඳහන් කරන්නේ. මීට වසර 4කට පෙර සිදුවූ මෙම සිදුවූ මෙම නඩු විභාගය මෙතෙක් කාලයක් පුරා රැගෙමින් පැවතුන බවයි සඳහන් වන්නේ.