අවුරුද්දකට පස්සේ ජැකලින්
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තිරගත වූ ‘අ ෆ්ලයින් ජාට්’ චිත්රපටයේ රඟපෑ ජැකලින් ෆර්නැන්ඩස් වසරක කාලයකින් පසුව නැවතත් බොලිවුඩ් සිනමාව තුළ දක්නට ලැබේ. ඒ රාජ් නදිමෝරු හා ක්රිෂ්ණන් ඩී.කේ. දෙදෙනා අධ්යක්ෂණය කරන ‘ අ ජෙන්ට්ලිමන්ට්’ චිත්රපටය තුළිනි.
ජැකලින් සමගින් මෙහි ප්රධාන චරිතයට සිද්ධාර්ත් මල්හෝත්රා එක්වන අතර, චිත්රපටය ක්රියාදාම ලේබලය යටතේ නිර්මාණය වූවක් බව සඳහන් වේ. මෙම චිත්රපටයෙන් පසුව ජැකලින් රංගනයෙන් දායක වන චිත්රපට කිහිපයක්ම තිරගත වීමට නියමිත අතර, වරුන් ධාවන් සමග රඟපෑ ‘ජූඩ්වා’ දෙවැනි චිත්රපටය හා සුශාන්ත් රාජ්පුත් සමග රඟපෑ ‘ඩයිවර්’ චිත්රපට ඒ අතර තිබේ. එමෙන්ම ඇය 2018 වසරේදී නැවතත් සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් චිත්රපටයක රංගනයේ යෙදීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ.