අවිවාහක කරන් දෙදරු පියෙක් වෙයි
ගෞරී ඛාන් වෙනුවෙන් වෙනත් කාන්තාවක් තම කුසෙහි දරුවකු රඳවාගෙන ඔහු මෙලොවට බිහි කළ බව කවුරුත් දන්නා කරුණකි. සුපිරි තරුව ශාරුක් ඛාන් සහ ඔහුගේ බිරිඳ ගෞරී වෙනුවෙන් එලෙස උපත ලද්දේ ආබ්රම් නම් වූ පුංචි පුතා වන අතර, ඒ ලෙසම තවත් දරු ප්‍රසූතියක් මෑතකදී සිදුවිය. ඒ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කරන් ජොහාර් වෙනුවෙනි. කරන් ජොහාර් අවිවාහකයෙකි. නමුත්, ශාරුක් ඛාන් තුන්වැනි වතාවට පිය පදවිය ලද නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් කරන් ද පිය පදවිය ලැබූ බවයි සඳහන් වන්නේ. කරන් හට ලැබුණේ නිවුන් පුතුන් දෙදෙනෙක්. දෙදෙනාට නම් ලෙස තබා ඇත්තේ, යාෂ් සහ රූහි යනුවෙනි.මේ බිලිඳුන් දෙදෙනා උපත ලබා ඇත්තේ නියමිත දිනයට වඩා මාස දෙකහමාරකට කලින් බව සඳහන් වෙයි. එම හේතුවෙන් යාෂ් සහ රූහි සති හතක කාලයක් රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ රඳවා ප්‍රතිකාර කළ බවද සඳහන් වෙයි. රෝහලේ හෙදියක් මේ බිලිඳුන් දෙදෙනා රැක බලා ගැනීමට විශේෂයෙන් යොදවා ඇති බවයි පැවසෙන්නේ.