අවදානම් විදින්නට කැමති ස්වේතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-06-ent-03

‘‘අභියෝග එන්නේ අවදානමත් එක්කමයි.. ඒත් මම ඒ අවදානම බාර ගන්නේ හු`ගාක් සතුටින්.. රග පාද්දී පරිස්සම් වෙන්න මට වුවමනාවක් නෑ.. සමහරු ඉස්සර වෙලාම බලන්නෙ චරිතෙ දිහා නෙමෙයි පරිස්සම් වෙන්නෙ කොහොමද කියලා.. එතකොට නියම චරිතය ඉස්මතු වෙන්නෙ නෑ..’’

එසේ කියන්නේ මසාන්, හරම්කෝර්, සූ ආදී චිත‍්‍රපටිවල එකිනෙකට වෙනස් චරිත නිරූපණය කළ ශ්වේතා ති‍්‍රපතිය. මේ චරිත ඒකාකාරී හා අවදානමෙන් තොර වූයේ නම් තමාට සිනමාව එපා වෙන්නට ඉඩ තිබුණ බැව් ඇය කියයි. සූ චිත‍්‍රපටියේ ඇය ර`ග පාන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවකගේ චරිතයකි. ටි‍්‍රප් 2 චිත‍්‍රපටියේ ඇගේ පෙනුම පවා වෙනස්ය.

‘‘මම චරිත තෝරාබේරා ගෙන ර`ග පාන්න කැමතියි.. එක චිත‍්‍රපටියක් ජනපි‍්‍රය වුණ ගමන් ඒ වගේම චරිත බලාපොරොත්තු වීම වගේම ලැබීමත් මේ ක්ෂේත‍්‍රයේ සාමාන්‍ය දෙයක්.. මෙතෙන්දී තමන් කල්පනාකාරී වෙන්න ඕන.. එහෙම නැත්නම් හැමදාම එකම විදියට දැක්කම රසිකයන්ට නළුනිළියෝ එපා වෙනවා.. මටනම් මෙච්චර කල් මම ර`ග පෑව චරිත ගැන හිතලා ආඩම්බර වෙන්න පුළුවන්.. ඉස්සරහටත් ඒ තත්වය රැුක ගැනීම තමයි මගේ පැතුම..’’ ඇය කියයි.