අලුත්ම ‘හල්ක්’ චිත්රපටයට සුපිරි කාන්තා චරිතයක්
මාක් රූලොෆ් පෙනී සිටින ‘හල්ක්’ චිත්රපටයක් ‘මාවල්’ චිත්රපට සමාගම විසින් නුදුරේම නිර්මාණය කරන්නට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. ‘ඇවෙන්ජර්ස්’ අවසන් චිත්රපට ද්ව්ත්වය තුළදී ‘හල්ක්’ චරිතයට වැඩි වටිනාකමක් ලබා නොදිම හේතුවෙන් ඔහුගේ වීර කතාවක් යොදා චිත්රපටයක් නිර්මාණය කරන්නට ‘මාවල්’ චිත්රපට සමාගම තිරණය කර ඇත.
කෙසේ වෙතත්, නිර්මාණය කරන අලුත්ම ‘හල්ක්’ චිත්රපටය සඳහා වීර කාන්තා චරිතයක්ද එක් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින අතර, ඒ සඳහා මේ වනවිට යොදා ගෙන ඇත්තේ ටීසා තොම්සන්ය. ටීසා ‘තෝර් රැන්ගොක්’ චිත්රපටයේ ‘වැල්ක්රි’ ලෙස රංගනයෙන් දායක විය.