අලුත්ම චිත්‍රපටයට දිපීකා නැහැ
දමිළ සිනමාවේ අදටත් සුපිරි වීරයා ලෙස සැලකෙන රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයට දිපීකා පදුකෝන් දායක නොවන බව 'ටයිම්ස් ඔස් ඉන්දියා' වෙබ් අඩවිය සඳහන් කර සිටියි. සති කිහිපයකට පෙර රාජිණිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය සඳහා දිපීකා පදුකෝන් එක්වෙන බවට තොරතුරු පළවුවද එය අසත්‍ය පුවතක් බව දිපීකා පදුකෝන් පවසා තිබෙනවා.
දිපීකා පවසා ඇත්තේ රාජිණිකාන්ත් සමගින් චිත්‍රපටයක රඟපෑමට තමා කැමැත්තෙන් පසුවුවද තමා ඉදිරි වසර දෙක තුළදී දැඩි ලෙස කාර්යබහුල වී ඇති හෙයින් මෙම චිත්‍රපටයට සම්බන්ධ වීම ඇය ප්‍රතික්ෂේප කළ බවයි. දිපීකා හා රාජිණි මීට පෙර 'කොච්චාඩියන්' චිත්‍රපටයේ රඟපා තිබුණා.