අලුත්ම චිත්‍රපටයත් කෝටි 100 පනින ලකුණු
බොලිවුඩයේ ‘ඛාන්’ නළුවන්ට පසුව ලොවපුරා වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති නළුවා වන ආක්ෂේ කුමාර් රඟන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන Jolly LLB 2 චිත්‍රපටය පසුගිය පෙබරවාරි 10 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා.
තිරගත වූ පළමු චීනයේදීම ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 13.20ක මුදලක් උපයා ගන්නට සමත් වූ මෙම චිත්‍රපටය සතියක් ගෙවෙද්දී සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි 51ක් දක්වා වැඩි කරගැනීමට සමත්වුණා. බොලිවුඩ් සිනමා විචාරකයන් පවසන්නේ, ආක්ෂේගේ මෙම චිත්‍රපටයද ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව පහසුවෙන් ඉක්මවා යනු ඇති බවයි.