අලුත් ජෝඩුවත් එක්ක ප්‍රියංකා රවුම් ගහලා
හොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේද පසුගිය සතියේ වැඩිම කතාබහට ලක්වූ පෙම්වතුන් යුවළ බවට පත්වූ ප්‍රියංකා චොප්රා හා නික් ජෝන්ස් දෙදෙනා මේ වනවිට යළි ඇමෙරිකාවට ගොස් තිබේ. මීඨ දින කිහිපයකට පෙර ප්‍රියංකා හා නික් දෙදෙනා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී දක්නට ලැබුණ අතර, ඒ මෑතකදී විවාහ දිවියට එක්වූ නික් ජෝනස්ගේ බාල සොහොයුරා වූ ජේ ජෝන්ස් හා ඔහුගේ බිරිඳ සෝෆියා ටර්නර් (ගේම්ස් ඔෆ් ත්රෝන් ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය) දෙදෙනාද සමගය.
තවත් නික්ගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද ප්‍රියංකා හා නික් සමග එක්ව සිටි අතර, ඔවුන් පාපැදි කිහිපයකින් නිව්යෝර්ක් නගරයේ සංචාරය කරමින් සිටි බව සඳහන් විය. ප්‍රියංකා මෙන්ම නික් අලුත විවාහ වු යුවළක් මෙන් හැසිරෙමින් සිටි අතර, ඔවුන් දෙදෙනා හොර රහසේ විවාහ ගිවිස ගෙන ඇතැයිද බොහෝ දෙනෙකුට සිතන්නට තරම් එම හැසිරිම ප්‍රමාණවත් වි තිබුණි.