අලුත් ජෝඩුව තායිලන්තේ ගිහින්
මේ වනවිට බොලිවුඩයේ ප්රසිද්ධ පෙම්වතුන් බවට පත්ව සිටින සිනමා නිළි ආතියා ෂෙට්ටි හා ක්රිකට් ක්රීඩක ලොකෝෂ් රාහුල් නව වසර සැමරීම සඳහා තායිලන්තයට ගොස් තිබේ. පසුගිය කාලයේ රහසේ පෙම්වතුන් ලෙස හැසුරුණු ඔවුන් දෙදෙනා මෙසේ ප්රසිද්ධියේ පෙම්වතුන් ලෙස දකින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා දින කිහිපයකින් පසුව නැවතත් ඉන්දියාවට පැමිණ ඇති අතර, ඒ ඉන්දියාව හා ශ්රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගි වීමටය.