අලුත විවාහ වූ යුවළ කරන් සමග
ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වන ‘කොෆි විත් කරන්’ වැඩසටහනේ මුල් කතාංගයට පසුගියදා විවාහ දිවියට එළැඹුණු ප්රියංකා චොප්රා හා නික් ජෝන්ස් දෙදෙනා සම්බන්ධ කරගැනීමට ‘කොෆි විත් කරන්’ වැඩසටහන ඉදිරිපත් කරන කරන් ජෝහර් අන්තර්ජාල සිය ‘ටිවිටර්’ ගිණුම හරහා රසිකයන් දැනුම්වත් කර ඇත.
ප්රියංකා මීට පෙර අවස්ථා කිහිපයකදීම ‘කරන් ජෝහර්ගේ’ වැඩසටහන සම්බන්ධ වී ඇති අතර, ඇය විවාහක සිය සැමියා සමගින් මෙම වැඩසටහන එක්වන පළමු වතාව මෙය වීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, ප්රියංකා, කරන් ජෝහර් විසින් අධ්යක්ෂණය කළ හා නිෂ්පාදනය කළ කිසිදු චිත්රපටයක් සඳහා දායක නොවු නිළියකි.