අලියා, රන්බීර් වරනාසි ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-412

වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් දෙදෙනා මේ දිනවල ඉන්දියාවේ වරනාසි නගරයේ සිටින බව සඳහන් වේ. ඒ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කරන ‘බ්‍රහ්මාස්ටර්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් සඳහාය.

මෙම චිත්‍රපටය ලබන වසරේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අතර, රන්බීර් හා ආලියාට අමතරව මවුන් රෝයි, අමිතාබ් බච්චන්, අක්කානි නාගර්ජූන්, ඩිම්පල් කපාඩියා ඇතුළු ජනප්‍රිය නළුනිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 150ක් වැය කරමින් තැනුණ චිත්‍රපටයකි.