අලි ෆසල් පෙම්වතියත් සමග 'ඔස්කා' යයි
මාර්තු මස 04 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ ‘ඩොල්බි’ රංගශාලාවේ පැවැත්වෙන 90 වැනි ‘ඔස්කා’ සම්මාන උළෙල සඳහා බොලිවුඩ් සිනමා නළු අලී ෆසල් සිය පෙම්වතිය වන රිචා චඩ්ඩා සමගින් සහභාගී වෙන බව නිල වශයෙන් පසුගියදා මාධ්‍යය දැනුම්වත් කර ඇත. ඔහු මෙසේ ‘ඔස්කා’ සම්මාන උළෙළට එක් වන්නේ ඔහු රංගනයෙන් දායක වූ ‘වික්ටෝරියා ඇන්ඩ් අබ්දුල්’ හොලිවුඩ් චිත්‍රපටය එම සම්මාන උළලේ සම්මාන කිහිපයක් සඳහා නිර්දේශ වී තිබීම නිසාවෙනි.
මෙම චිත්‍රපටයේ ‘අබ්දුල්’ ලෙස චරිත නිරූපණය කරනු ලැබුවේ අලී ෆසල් වන අතර, ‘වික්ටෝරියා’ ලෙස 83 වැනි වියෙහි පසුවන ජූඩි ඩැනිච්ය. මීට පෙරද අලී හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වී ඇති අතර, ‘ෆියුරිස් 7’, ‘ද අදර් ඉන්ඩ් ඔෆ් ද ලයින්’ හා ‘ලව් එෆයාර්ස්’ යන චිත්‍රපට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත් විය.
අලී ෆසල්ගේ වර්තමාන පෙම්වතිය රිචා චඩ්ඩාද හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම පෙනි සිටි නිළියක් වන අතර, මාර්තු 23 වැනිදා ප්‍රදර්ශනය වන ඩේවිඩ් වෝමාර්ක් නිෂ්පාදනය කළ ‘ලව් සෝනියා’ හොලිවුඩ් චිත්‍රපටයේද ඇය රංගනයෙන් දායක වෙයි.