අරියානාට අකරතැබ්බක්
ළබාලතම ගායිකාව ලෙස බොහෝ දෙනා දැනහැඳින ගත් අරියානා ග්‍රාන්ඩේට පසුගියදා අකරතැබ්බකට මුහුණ දීමට සිදු වූවාය. ඒ ගායිකාවක සහ ගීපද රචිකාවියක වන අරේතා ෆ්රෑන්ක්ලින්ගේ අවමංගල්‍ය උත්සවයේදීය. එහිදී නිවේදකයෙකු ලෙස සහ දේශකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් බිශොප් චාර්ලස් එලිස් විසින් අරියානාගේ ශරීරය වැරදි ආකාරයෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් අරියානා අපහසුතාවට පත් වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කෙසේ වුවද, මෙම සිදුවීම පිළිබඳ බිශොස් විසින් පසුව ඇයගෙන් සමාව ඉල්ලා තිබෙන බව සඳහන් වෙයි.