අරියානාගේ විවාහයට රසිකයන්ගේ අප්‍රසාදය?
අරියානා හදිසියේ විවාහ වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇයගේ රසික රසිකාවියන් අසතුටෙන් පසුවන බවයි සඳහන් වන්නේ.
පසුගිය කාලයේ එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝක වූ අරියානා මැන්චෙස්ටර් හිදීම ප්‍රසංගයක් පැවැත්වූවාය. ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය වෙනුවෙනි. එහිදී ලැබෙන සියලු මුදල් ඔවුන් වෙනුවෙන් වැය කරන්නට ඇති තීරණය කර ඇති බවයි සඳහන් වූයේ. නමුත් මෙම ප්‍රසංගය අවසන් වීමත් සමග ඇයගේ ජීවිතයේ තීරණයක් පිළිබඳව කතාවක් ගොඩනැඟුණු බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ ඇය විවාහ වීමට යන බවයි. එම හේතුවෙන් සියලු සුබසාධක වැඩපිළිවෙළවල් කල්යන බවයි සඳහන්ව ඇත්තේ. මේ පුවත ඇගේ රසිකයන්ට නම් සතුටුදායක පුවතක් නොවූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
කෙසේ වෙතෙත් ජනප්‍රිය රැප් ගායක මැක් මිලර් සමග ඇය විවාහ ගිවිසගෙන ඇති බවද මෙම ප්රසංගයේදී ඇතැමුන් පැවසූ බව සඳහන් වෙයි. එහිදී ඇය තම අතේ පැලඳ සිටි දියමන්ති මුදුව හොඳාකාරවම ප්‍රදර්ශනය කළ බවත් සඳහන් කරයි. මෙම ක්‍රියාව ඇය මැන්චෙස්ටර් හිදී සිදු නොකළේ නම් බොහෝදෙනා සතුටු වන බවයි සඳහන් වන්නේ. ඇය ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් රසිකයන්ව නොමග යැවූ බවයි බොහෝදෙනාගේ අදහස වී තිබෙන්නේ.