අරියානාගේ ‘10 වැනි පෙම්වතා’ සමග විවාහට සූදානම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-30-ent-92

‘ලාබාලම ගායිකාව’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සුපිරි පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ මේ දිනවල ඉතාමත්ම සතුටින් සිටින බවට විදෙස් මාධ්‍යවල වාර්තා පළවේ. ඇය එලෙස සතුටින් සිටින්නේ ඇයගේ විවාහය ලබන අවුරුද්දේ සිදු කිරීමට බලාපොරොත්තු වීම හේතුවෙනි. මේ නිසා ඇය තම පෙම්වතා වන පෙටි ඩාවින්ඩ්සන් සමග ඉතාමත්ම සතුටින් කාලය ගතකරන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇය මේ වන විට 25 වැනි වියේ පසුවන අතර, පසුගියදා ‘Good Morning America’ වැඩසටහනට සහභාගි වෙමින් ඇය පවසා සිටියේ තමන්ගේ ජීවිතයේ මේ වන විට විශාල ලෙස වෙනසක් සිදුවී ඇති බවයි. පසුගිය කාලයේ මැන්චෙස්ට්ර්හි සිදු වූ සිදුවීම හේතුවෙන් ඇය බොහෝ කාලයක් සංගීත ප්‍රසංගවලින් ඉවත්ව සිටි බව බොහෝ දෙනා දන්නා කාරණාවකි.2018-08-30-ent-93

පෙටි ඩාවින්ඩ්සන් යනු ඇමෙරිකානු විකට රංගන ශිල්පියෙකි. මේ වනවිට 24 වැනි වියේ ඔහු පසුවෙන අතර, අරියානා ඔහුට වඩා වසරක් වැඩිමල් බවට සඳහන් වෙයි. 2016 වසරේ සිට අරියානා සහ පෙටි මිතුරන් ලෙස ඇසුරු කර තිබේ. මොවුන් දෙදෙනාගේ පෙම් සම්බන්ධය ආරම්භ වූයේ 2018 මැයි මාසයේදීය. කෙටි කාලීන සම්බන්ධකම් බොහෝ ප්‍රමාණයක් තිබූ පෙම්වතියක ලෙස අරියානාව බොහෝ දෙනා හඳුන්වනු ලබයි. කලින් කලට පෙම්වතියක් ලෙස පුවත් මැවූ ඇය මේ වන විට තමන්ගේ පෙම් සම්බන්ධය විවාහය දක්වා ගෙන යෑම පිළිබඳව බොහෝ දෙනා විමතියට පත්ව තිබේ. ‍ 1993 ජුනි 26 උපන් අරියානා වෘත්තීය වශයෙන් ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වූයේ 2008 වර්ෂයේදීය. ඇයගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු වන්නේ ඇයගේ ආදර සම්බන්ධතා නිසාවෙනි. විශේෂයෙන්ම ඇයගේ පෙම්වතුන් පිළිබඳවයි. ඇයට මේ වන විට පෙම්වතුන් 10ක් සිටි බවට සඳහන් වේ. ඒ ග්‍රැහැම් පිලිප්ස් (2008 – 2010), ජේර්ඩන් විස්කොමි (2011 - 2012), ජෝශ් හටර්චසන් (2012), අවාන් ජෝගී (2012), ජායී බෘක්ස් (2012-2014), ජස්ටින් බීබර් (2013), නැතන් සයිකස් (2013), මැක් මිලර් (2013), බිග් සෝන් (2014-2015) රිකි අල්වර්ස් (2017), පෙටි ඩාවින්ඩ්සන් (2018) යන අයයි.

අඩු වයසින් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ මේ වන විටත් ඉහළම සම්මාන ලබා ගැනීමට සමත් ගායිකාවක් ලෙස ‘‘අරියානා ග්‍රාන්ඩේ’ හැඳින්විය හැක. අරියානා ලාබාල ගායිකාවක් වුවත් ඇය ඉතාමත් ස්ථීර ඉහළ ස්ථානයක සිටී. ‘Nickelodeon’ රූපවාහිනී ආයතනයේ ‘Cat Valentine’ යන වැඩසටහන් මාලාව තුළින් නිවේදිකාවක් ලෙස රසිකයන් අතරට පැමිණි ඇය ඉන්පසු ඇය 2011 වර්ෂයේදී ඇයගේ කුලුඳුල් ගීත ඇල්බමය වන ‘Yours Truly’ නම් ඇල්බමය එළිදැක්වූයේය. 2011 වර්ෂයේදී U.S. Billboard 200 හිදී හොඳම ඇල්බය ලෙස ‘Yours Truly’ ඇල්බමය නම් විය. ඉන්පසු ඇය විසින් නිකුත් කළ ‘The Way’ නම් ගීත ඇල්බමය Billboard hot 100 තුළ හොඳම ගීත ඇල්බම් 10 අතරට තේරී පත්විය. ඇයගේ සම්මානයන් පිළිබඳව කතා බහ කිරීමේදී ‘Break Free’ සහ ‘Problem’ යන ගීතයන් දෙක සඳහා 2013 American Music Awards හිදී ‘New Artist of the Year’ යන සම්මානයද ඇයට හිමි විය. ඊට අමතරව 2013 වර්ෂයේදී ඇය විසින් පටිගත කළ ඇල්බමයක් වන ‘My Everything’ ඇල්බමය එළිදැක් වූයේ 2014 වර්ෂයේදී අගෝස්තු මාසයේදීය එම ඇල්බමය සඳහ ‘40th People's Choice Awards’ හිදී ‘Artist of the Year’ යන සම්මානයෙන්ද ඇය පිදුම් ලැබීය.

ඇය ගායනයට පමණක් නොව රංගනයටද හැකියාව දක්වන්නියකි. ඇය විසින් රංගනයෙන් දායක වූ කතාමාලාවන් අතරින් සුප්‍රසිද්ධියට පත් රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපට වන්නේ, සෑම් ඇන්ඩ් කැට් (රූපවාහිනි කතාමාලාව 2013 - 2014), ස්වින්ඩල් (චිත්‍රපට - 2013), වික්ටෝරියස් (රූපවාහිනි කතාමාලාව 2010 - 2013), ස්නොව් ෆ්ලේක් (චිත්‍රපටය - 2011) යන කතා මාලා හා චිත්‍රපටය.

සිය ගායන හැකියාව තුළ ලාබාල යුවතියක් ලෙස ඉදිරියට පැමිණීම පිළිබඳව බොහෝ දෙනාගේ ප්‍රසංශාවට ඇය ලක්ව තිබේ. ‘ලාබාල ගායිකාව’ යන නාමයෙන් පමණක් නොව, ලාබාලතම ධනවත් කාන්තාවක ලෙසද බොහෝ දෙනෙකු විසින් ඇයව හඳුන්වනු ලබයි.

 

2018-08-30-ent-91