අරියානාගෙන් ප්‍රසංගයක්
පසුගියදා මැන්චෙස්ටර් සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් අරියානා ග්‍රැන්ඩේ තම ප්‍රසංග නතර කර දැමිනි. නැවතත් ඇය ප්‍රසංගයක් පැවැත්වීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. එම ප්‍රසංගය ඇය පවත්වනු ලබන්නේ එම පිපිරුම මගින් මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙනුවෙන් සහ තුවාල වූවන් වෙනුවෙන් බව වාර්තා වෙයි. එහි දී මෙම ප්‍රසංගයෙන් ලැබෙන සියලු ආදායම එම සිදුවීම හේතුවෙන් පීඩා විඳින සියලුම දෙනාට වෙන් කරන බව අරියානා වැඩිදුරටත් පවසා තිබේ.