අරියානා නැවත මැන්චෙස්ටර් වලට?
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නැවතත් මැන්චෙස්ටර් නුවරට පැමිණීමට සුපිරි ගායිකා අරියානා ග්රැන්ඩේගේ සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මැන්චෙස්ටර් වෙතට ඇය යළි එන්නේ තවත් ප්‍රසංගයක් පැවැත්වීමේ බලාපොරොත්තුවෙනි. මෙහි මූලික අරමුණ වන්නේ, පසුගියදා තම ප්‍රසංගය පැවති අවස්ථාවේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් අරමුදලක් ගොඩනැංවීමයි.
ආරියානා තම ට්විටර් පිටුවෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මැන්චෙස්ටර් වලදී විපතට පත්වූ ඇයගේ රසික පිරිසට සහ ඔවුන්ගේ පවුල් වල අය වෙනුවෙන් යමක් කිරීමට මෙය අවස්ථාවක් බවයි.
එනමුත් මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ කවදාදැයි ඇය මෙතෙක් ප්‍රකාශකර නැත. අරියානා, මැන්චෙස්ටර් නුවර පැවැත්වූයේ ඇය විසින් සංවිධානය කරන ලද "ඩේන්ජරස් වුමන් වර්ල්ඩ් ටුවර්" යනුවෙන් නම් කළ ප්‍රසංග මාලාවේ එක් ප්‍රසංගයකි. එයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසු මේ ප්‍රසංග මාලාව නවතා දැමීමට ඇය තීරණය කළාය. එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් රැසකම මෙම ප්‍රසංග මාලාව පැවැත්වීමටයි ආරියානා සැලසුම් කර තිබුණේ.