අර්බාස් යළිත් විවාහ වෙයි
සල්මාන් ඛාන්ගේ බාල සොහොයුරු අර්බාස් ඛාන් යළිත් වරක් විවාහ වූ පුවතක් බොලිවුඩයෙන් වාර්තා වේ. ඒ රුමේනියානු ජාතික ජෝර්ජියා ඇන්ඩ්රියානි සමගය. අර්බාස් මීට පෙර ජනප්‍රිය සිනමා නිළියක් වූ මලෙයිකා ආරෝරා සමගින් විවාහ වී සිටි අතර, පසුගියදා ඔවුන් නීතියෙන් වෙන්විය. 17 වසරක් තිස්සේ සාර්ථක යුග දිවියක් ගතකළ මලෙයිකා හා ආර්බාස්ට දාව දරුවන් දෙදෙනෙකුද සිටියි.
ජෝර්ජියා, සල්මාන් ඛාන්ගේ වර්තමාන පෙම්වතිය යැයි සැක කරන ලූලියා වැන්තර්ගේ සමිපතම මිතුරියක් බව සඳහන් වේ. පසුගියදා හයිද්‍රාබාද්හි පැවති සල්මාන් ඛාන්ගේ හදාගත් නැඟණිය වූ අර්පිතා ඛාන්ගේ උපන්දින සාදයටද ජෝර්ජියා හා ආර්බාස් එකට සහභාගී වි සිටි බව වාර්තා වේ.