අර්පිතා දෙවැනි දරු ප්‍රසුතියට සූදානම් වෙයි.
සිනමා නිළියක් නොවුණද ඇය සිනමා නිළියක් තරමට බොලිවුඩ් පුරයේ කතා බහට ලක් වේ. ඇය නමින් අර්පිතා ඛාන්ය. සල්මාන්ගේ හදාගත් නැගෙණිය ලෙස ප්‍රසිද්ධ ඇය නිරන්තරයෙන්ම බොලිවුඩයේ කතාබහට ලක් වන්නියකි.
මේ දිනවල ඇය කෙරෙහි බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙන අතර, ඒ ආර්පිතා දෙවැනි වරටත් මව් පදවිය ලැබීමට සූදානමින් සිටිමය මීට දෙවසරකට පෙර යොවුන් සිනමා නළු අයුෂ් ෂර්මා සමගින් විවාහ වූ අතර, ඔවුන් දෙදෙනාට මේ වනවිට දෙවැනි වියෙහි පසුවන පුතෙකුද සිටියි. අර්පිතා දෙවැනි වරටත් මවක් වන බවට ඇයට පරික්ෂා කළ මුම්බායිහි වෛද්‍යවරයෙක් මාධ්‍යයට පවසා ඇත.