අර්ජූන්ගේ විවාහයත් අවසන්
වසර 20ක කාලයක් සාර්ථක යුගදිවියක් ගත කළ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අර්ජූන් රාම්පාල් හා නිරූපිකා මේර් ජේසියා පසුගිය සති අන්තයේදී නීතියෙන් වෙන්විය.
කාලයක් තිස්සේ මොවුන් දෙදෙනා දික්කසාද වීමට අධිකරණයේ පිහිට පැතු අතර, එය පසුගිය සති අන්තයේදී නිමාවට පත් විය. මොවුන් දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙකුද සිටින අතර, පසුගිය කාලයේ අර්ජූන් ජනප්‍රිය සිනමා නළු රිතික් රෝෂන්ගේ බිරිඳ සූසෑන් ඛාන් සමගින් රහස් ප්‍රේම සම්බන්ධයක් පවතින බවටද තොරතුරු වාර්තා විය.