අර්ජූන් හා පරිනීති අලුත්ම චිත්‍රපටය කල් ගිහින්
2018 වසරේ තිරගත වූ ‘නමස්තේ ලන්ඩන්’ චිත්‍රපටය සිය වියදම් මුදල හෝ සොයා ගැනීමට නොහැකිව අසාර්ථක විය. එම චිත්‍රපටයේ රඟපැ අර්ජූන් කපූර් හා පරිනිති චොප්රා පෙනී සිටින තවත් චිත්‍රපටයක් මේ වසරේ ජුනි 14 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. ඒ ඩිබාකර් බැනරාජ්ගේ ‘සන්දිප් අවර් පින්කි පරාර්’ චිත්‍රපටයයි.
මෙය මාර්තු 03 වැනිදා ප්‍රදර්ශනය කිරීමිට නියමිතව තිබුණ නමුදු මෙය පසුව ජුනි 14 වැනිදා දක්වා කල්ගත විය. නිෂ්පාදකවරු පවසන්නේ මෙම චිත්‍රපටය එදින ප්‍රදර්ශනය කිරීමට නියමිතව වුවද එය නිශ්චිත නොවන බව පවසා ඇත. ‘නමස්තේ ලන්ඩන්’ චිත්‍රපටය අසාර්ථක වූවා සේම මෙම චිත්‍රපටයද අසාර්ථක වනු ඇතැයි ඔවුන් තුළ යම් කණස්සල්යක් මතුව තිබෙන බවද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කර තිබේ.