'අර්ජූන් රෙඩ්ඩි' තෙළෙඟු චිත්‍රපටය රිමෙක් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-29-ent-167

පසුගිය වසරේ අගෝස්තු 25 වැනිදා ඉන්දියාවේ තිරගත වූ ‘අර්ජූන් රෙඩ්ඩි’ තෙළෙඟු චිත්‍රපටය මේ වනවිට බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරන්නට සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. සංදිප් වන්ගා විසින් අධ්‍යක්ෂණය කළ ‘අර්ජූන් රෙඩ්ඩි’ තෙළෙඟු චිත්‍රපටයේ විජායි දේවෙරා හා ශලිනි පාණ්ඩේ රංගනයෙන් දායක වූ අතර, රිමෙක් කරන්නට නියමිත බොලිවුඩ් චිත්‍රපටයේ එම චරිත ෂාහිඩ් කපූර්ට හා කියාරා අද්වානිට ලැබී තිබේ. චිත්‍රපටය නම් කර ඇත්තේ ‘කබීර් සිං’ ලෙසය. ෂාහිඩ් හා කියාරා දෙදෙනා පසුගිය කාලයේ බොලිවුඩයේ අතිශය ජනප්‍රිය යුවළක් බවට පත්වූ අතර, ඒ යෝ යෝ හනී සිං විසින් ගායනා කළ ‘උර්වෂි’ ගීතයේ රූප රචනාවට ඔවුන් දෙදෙනා පෙනී සිටීම හේතුවෙනි.

කෙසේ වෙතත්, ෂාහිඩ් මෙන්ම කියාරාද තවමත් බොලිවුඩ් චිත්‍රපටයක එකට රංගනයෙන් දායක වී නොමැති බව සඳහන් වේ.