අර්ජූන් ඉන්න චිත්රපටයක් ෂාරුක් නිෂ්පාදනය කරයි
බොලිවුඩ් සිනමාවේ සිටින අසාර්ථකම නළුවෙකු වන අර්ජූන් කපූර් රංගනයෙන් දයක වන චිත්රපටයක් සුපිරි නළු ෂාරුක් ඛාන්ට අයත් ‘රෙඩ්චිලි’ ආයතනය හරහා නිෂ්පාදනය කරන්නට සූදානම් වන බව වාර්තා වෙයි.
පොලිස් නිලධාරියෙකු ලෙස අර්ජූන් පෙනී සිටින මෙම චිත්රපටයේ තාවකාලිව ‘ධමාකා’ ලෙස නම්කර තිබෙන බව සඳහන් වෙයි. අර්ජූන් කපූර්, ආදිති රාඕ හා රකුල් ප්රිත් සිං මෙම චිත්රපටය සඳහා රංගනයෙන් දායක වෙයි. චිත්රපටය ලබන වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් කිරිමට නියමිතව ඇත.