‘අර්ජුන් පටියාලා’ අසාර්ථකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-224

පසුගිය වසරේ මෙන්ම මේ වසරේද සාර්ථක චිත්‍රපට කිහිපයක් සඳහා රංගනයෙන් දායක වූ ක්‍රිති ෂැනොන්ගේ අලුත්ම චිත්‍රපටය ‘අර්ජූන් පටියාලා’ මේ වනවිට අසාර්ථක චිත්‍රපට ගොන්නට එකතු වී ඇත. සිය වියදම් වූ මුදල පවා සොයා ගැනීමට නොහැකි වී ඇති මෙම චිත්‍රපටය මේ වනවිට උතුරු ඉන්දීය සිනමා ශාලා වලින් ඉවත් කරද තිබේ.

‘දිල්වාලේ’, ‘බාර්ලි කි බර්ෆි’ හා මේ වසරේ තිරගත වූ ‘ලුකා චුප්පි’ චිත්‍රපට ක්‍රිති රංගනයෙන් දායක වූ ඒවා වන අතර, ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි අදායමක් මෙම චිත්‍රපට විසින් උපයා ගන්නට සමත් විය. ක්‍රිතිගේ මෙම චිත්‍රපටය අසාර්ථක වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක්ද වී ඇති බවට තොරතුරු වාර්තා වන්නේය.